සාධු
! සාධු ! සාධු !
ලෝටස්
සංචාරකයෝ නුගේගොඩ සිට
අප දෙදෙනා යහතින් යන දඹදිවට
අසූදෙනයි
ලංකාවෙන් අපේ නඩයට
තවත්
නඩ දෙකක් නැගුනයි යානයට
කටුනායක
ගුවන් තොටින් හතරයි කාලට
එයා
ඉන්දියා යානය අරඹයි ගමනට
සුව
පහසුව කෑම බීම ලැබුණා තරමට
අට
වනවිට ආවා අපි බරණැස් පුරයට
තුන්දොර
සංවර කරගෙන පන්සිල් අරගෙන
බුදුගුණ
සිහිකර සැම සිත් මෙත් වඩවාගෙන
සුහද
සිතින් බැති බරවී සතුට බෙදාගෙන
බුදුන්
උපන් දේශය දැක සිත පහදාගෙන
බුද්ධගයා යන ගමනේ මග දිගට
සුන්දර
කිසිවක් නොදිටිමු දිළිඳුයි හරියට
මල්ගුඩි
පොත සිහිවූවා මේ ගම් දුටුවිට
බුදුන්
උපන්නේ නැත්තේ ඇයි ලක් දෙරණට
අතර
මගදි සිරි සිරි පොද ඇද හැලුණා
කිරි
සුදු පැහැ කෙඳි කෙඳි සුදු මල් දුටුවා
"කුස තණ" ලෙස ඒවා හඳුනා ගත්තා
ඒ
අතරින් දිගම දිගම දුම්රිය දුටුවා
බුද්ධගයා
හෝටලයට දොළහට ආවා
අනිත්
බසය දෝෂයක්ලු තවමත් නැතුවා
කෑම
බීම නොගෙනම අප එන මග බැලුවා
දිවා අහර ගන්න විටදි හතරත් පසුවූවා
සුජාතාව
නම් ලස්සන සිටු දේවී
කිරි
පිඬු සදා ගෙනැවිත් මෙහි පුද දේවී
ගිහි
කල වැළඳු අවසන් දානය වේවී
සේනානී
ගමට එනවිට සැන්දෑ වී
දම්පල්
තුමා ඇරඹුව විදුහලකි මෙය
එහි
නම තබා ඇත්තේ සුජාතා විදුහලය
මගේ
පාසලද සිහිවිය එයද සුජතාය
ආධාරයක් පුද දුනි ඉදිරි වැඩ තකාය
හතරට
අවදිවී සිල් ඇඳුමින් සැරසී
බුද්ධගයාවේ
ජය බෝධිය වෙතදී
ලංකාරාමයේ
සමිඳුන් අට සිල් දී
පෙහෙවස්
සමාදන්වූ අප සිත් පැහැදී
බුදුහිමි
සත්සතිය ගතකල තැන් දුටුවා
හිමිනම
අපට ඒ විස්තර පැහැදූවා
බුදුහිමි
ජීවමානව එහි ඇත සිතුවා
වඳිනෙමි
මියෙනතුරු දඹදිව සිහිවේවා
පළමු
සතිය බෝමුලමය වැඩ හුන්නේ
සුජාතාගෙ
දානයමය පිහිට වුනේ
ඒ
හැර කිසිදු අහරක් හිමි නො වැළඳුනේ
බුදුබව
පතා මිස නො සැලෙන ගුණ වැඩුණේ
දෙවන
සතිය ඇසිපියවත් නොවී සලා
අනිමිස
ලෝචනය බුදුහිමි නිමා කළා
උත්තම බුදු
බවම එසැනින් සපථ කළා
දහසක්
බුදුන් බුදුවූ බිම සිඹිමි බලා
රුවන්
සක්මනෙහි සතියක් ගෙවීලා
රන්වන්
එරන් රන් රුවනක් මැවීලා
එදා
ඉපදුනානම් ඒ අසිරි බලා
සැනසෙමි උතුම් නිවනින් නිවෙන මග බලා
සිව්වෙනි
සතිය රතනාගර වැඩි සේක
බුදුහිමි
රුවන්ගෙයි සැනසුම ලද සේක
ලත්
අවබෝධයම යළි සිහිකළ සේක
ලෝසත
වෙත මහා කරුණා පෑ සේක
අජපල්
රුක්මුල වැඩ පස්වෙනි සතිය
බුදුගුණ
සිහිකර වැන්දා අද දිනය
අව්වැසි
වලින් හිමි මුදවා ගත් සතිය
මුචලිඳු
නා දරණ යට සයවෙනි සතිය
සත්වෙනි
සතිය රාජායතනය හින්දා
සත් සතියම ගතකල තැන් දැක වැන්දා
අටසිල්
සමාදන්වී සැම තැන වැන්දා
මහ
බෝධියේ සිලි සිලි සිසිලස වින්දා
මේ
පින් කරගන්ට මා නෙත් පෑදුවට
අම්මේ
තාත්තේ පින් දෙමි දෙන්නාට
අටපිරිකර
පුදදුන්නා බෝධියට
සසරින්
එතෙරවී නිවනින් සැනසෙන්ට
දහසක්
බුදුන් පිටදුන් ශ්‍රී බෝධියට
දම්සක්
සුතුර ගැයුවා අප තාලයට
බුදුරුව
මහා බෝධිය ලඟ දුටුව විට
බුදු
හිමි අදත් වැඩියාදෝ ගයාවට
බෝධිය
වටා බොදු කොඩිවැල් සැරසූවා
දොහොත්
මුදුන් දී අටපිරිකර පිදුවා
සිවුරු
පුදා හිස නළලත බිම තැබුවා
අටවිසි
බුදුවරුනි පුදදෙමි හිස නැමුවා
දෙවි
මහ බඹුන් සක් දෙවිඳුන් පුද ලබන
ලොවෙන්
උතුම් ශ්‍රී මහ බෝ පුදාගෙන
ශීල
සමාධී ප්‍රඥා වඩාගෙන
සතුටුයි
සැනසුමයි අප මේ ආ ගමන
බුද්ධගයාවේ
බුදුබව ලැබූ තැන
සීතා
දුන් ඩොලර් මුදලින් පුද ලදින
මැණිකේ
මැසූ කොඩිවැල් පිරිකර තුටින
පුදදී
බැතින් වැන්දා නිති අප දෙදෙන
දහසක්
බුදුන් බුදුවුන මේ බුද්ධගයා
වජ්රාසනය
වැඳලා බුදුගුණම ගයා
සත්සති
නෙතින් දැක වැඳ හදවතේ ලියා
මගෙ
මරණෙදී සිහිවේවා බුද්ධගයා
බරණැස
මහා බෝධියෙ හිමිනම ආවා
සවස
බෝධි පුජාවක් බැතිනි පුදා
බුද්ධගයා
බේරාගත් අයුරු එදා
දම්පල්
තුමා වික්මන් කළ හැටි කීවා
සාප්පු
සවාරියකට බරණැස අවට
අප
එක්වුනා විසිතුරු දේ දැකීමට
ලාභද
අලාබද නොදනිමු රට මිලට
සාරි ගන්න කල් දැමුවා පසු දිනට
අලුයම
තුනට අවදිව සැම වෙලාවට
අප
යනවා ගිජුකුළු පව් නැගීමට
වැසි
වැටුණා කඳු පාමුල බසින විට
රේල්
කාර් අද නැත කඳු නගින්නට
පතුල්
පලා බිම්සර හට දුන් වධය
අජාසත්ත
පිය රජ සිරකළ කුටිය
බූදුන්
හිසට ගල් පෙරලන ලද තැනය
බුදු
සසුනෙදිත් මේ වන් දෑ සිදුවේය
සාදු
සාදු ගිරිමානන්දය දෙසුව
බුදුහිමි
වැඩි තැනකිය ගිජුකුළු පව්ව
එතනින්
නික්ම ආපසු එනවිට තුටුව
ජීවක
මැඳුර සහ අඹ වනයද දුටුව
බුදුරජ
ධාතු තැන්පත්වූ චේතියකි
වලා
සංඝටක චේතිය යන නමකි
දැන්
අප යන පෙදෙස අති සුන්දර බවකි
ගත
සිත නිවාලන ඉමහත් සිසිලසකි
මහා
කසුප් මහ රහතන් වැඩිය ගුහා
පළමු
දහම් සංගායන කෙරුණු ගුහා
තෙවළා
දහම් සැකසූ සප්තපර්ණනි ගුහා
අසිරිය
සිරිය අගයමු අප උදය හවා
දහම
අදහම ලෙසින් ගරහන පිරිස් වැඩිවෙනවා
එයින්
සත්වග මුදාලන්නට මහා රහතුන් රැස්වුවා
මහා
කස්සප, උපාලි, ආනන්ද රහතුන් වැඩමවූවා
දහම
නිසිලෙස සකස් කෙරුමට සහය උපරිම ලබා දුන්නා
සප්තපර්නණීය ද
පිප්පලි
ගුහා ලෙසට ද
සොහේරි
බන්දාර් ලෙසට ද
විවිධ
මතයන් වෙනස්වී අද
ඉතිහාසයක
තතු පවසන සරසවිය
කිතුවස්
හයසීයෙ සිට නාලන්දාය
කිතුවස්
දොළහ තෙක් වියතුන් පරපුරය
සඟරුවනම
දසදහසකටත් වැඩිය
ලංකාරාමයේ
භික්ෂුව පැමිණ එදා
නාලන්දාව
විස්තර අප හට පහදා
සුවිසාලය
අසමානය පුදුම මෙදා
ගඩොලින්
ගඩොල මතුකළ අරුමයකි සදා
නාලන්දාව
දෙව්ලොව සිරි ගන්න ඇතී
මහල්
අටක් ගිනිලා වනසන්න ඇතී
තෙවළා
දහම් සමගින් සඟරුවන බැතී
ප්‍රඥා, සිල්, සමධියෙන් නිවනට යන්න ඇතී
දිග
පළලක් නොපෙනෙන දේශන ශාලා
විදේශිකයනුත්
මෙහි ඉගෙනීම කළා
නේවාසික
පහසුවත් නිසි නොපිරිහෙලා
බොදු
සිප් සතර මුළු ලෝ තුල පතල කළා
මුස්ලිම්
සටන් කිසිදා නැත නිම වූයේ
බොදු
සඟ රුවන ශාලා තුල සිර වූයේ
පිටතට
යානොදී දොරගුලුලා වැසුයේ
ගිනිදැල්
දමා නාලන්දා වැනසූයේ
සවිමත්
බිතු කුළුණු කළුවන් ගැහිලාය
අදටත්
පෙනේ පාදම ගිනි ගැනිලාය
මේ
අපරාධ මහ පොළොවත් උසුලාද
දෙවියනි
මගේ නෙත් කඳුළින් පිරිලාය
විශ්මයකින්
හෝ යළි මෙය ඉදිවේද
නාලන්දාව
නැවතත් යළි ඉපදේද
බුදු
දහමේ ඉතිහාසය මතුවේද
එදිනට
ඔක්ස්ෆර්ඩ්, හාවඩ් පැරදේද
මාහිමි
සහ මපුතු සිප්හල නාලන්දා
සිහිපත්
වුනා එම නාමය නාලන්දා
සරසවි
පිවිසි ලංකා සිසුවකු හින්දා
මේ
හිමි නමට පිරිකර පුදදී වැන්දා
පළමු
වෙහෙර වේළුවනය බිම්සර රජ සෑදු
අද
නැහැ දැක ගන්න වෙහෙරක් නෙත පෑදූ
සිරිලක
සඟුන් දිරියෙන් ගොඩ ගන්න හැදූ
වේළුවනය
බිහිවේවා නැවත සැදූ
බුද්ධගයාවෙන්
නික්මී විශාලා බලා
බිහාරයේ
පැට්නාවත් පසු කරලා
ගංගා
නදී පාලම ගව් හතක් වෙලා
සැතපුම්
දෙසිය පනහට වැඩි දුර ගෙවලා
මල්
පල පිරී ගහ කොළ හරි සිරියාවයි
නිල්
තණ නිල්ල ඈතට පිවිතුරුව දිසෙයි
විශාලා
පුරට පිවිසුන බැව් දනවයි
ගුත්තිලයේ
නගර වැණුම සිහි ගන්වයි
බිය
බිය විසල් පුරයට තුන් බිය ආවේ
දෙස
දෙස රතන සුතුරම හිමි මැතිරූවේ
ඉස
ඉස පිරිත් පැන් සත සුවපත් වූවේ
ඇස
ඇස දුක් කඳුළු පිරිතෙන් නිම වූවේ
අම්බපාලි
අඹ වනයද මෙහි ඇතිය
ගරා
වැටුණු චේතියකිය නටඹුන්ය
අශෝකස්තම්භ
මුදුනේ සිහ රජය
වලිගය
නවා දුක් වෙයි කුෂි පුරවරට
සප්ත
අපරිහානී දම් සුදුසු බව
බුදු
හිමි ලිච්චවී මත අනුමත කෙරුව
ඇතු
සහ වඳුරු බුදුනට උවැටන් පිදුව
පාරිලෙයිය
වනයද අසලම දුටුව
තෙල්
මල් සුවඳ දුම් මානෙල් මල් පිදුව
පරිනිර්වාණ
මංචකයට සෝබරව
මල්ලී
සහ සුනේත්‍රා දුන් රන් සළුව
සාදු
කාර දී රන් දෙණ මත පිදුව
ඉදිමුණ
සිරි පතුල් දෝතින් පුද ලැබුවා
මේ
දැන් පිරිනිවන් පෑවා සේ දැනුණා
සංවේගය
සිත් පුරා අප වැඳ වැටුනා
අප
පිදු සළුව ශ්‍රී දේහය මත රැඳුනා
නික්මී
යා නොදී නෙත් කඳුලින් පිරුණා
මෙදියත
නියත සම්බුදු දහමක් පමණා
මුනිඳු
දෙසන හඬ මා සවනත වැකුණා
සංවේගය
දරා පින් බිම හිස තැබුණා
ලුම්බිණි
ගමන් ඇරඹුණි අද උදෑසන
නේපාලය
දේශ සීමා පසු කෙරින
පැය
දොළහක් ගෙවී ඇත්තේ මේ ගමන
බුදුන්
උපන් පින් බිම පා තැබු බැතින
සිදුහත්
උපත සිදුවූ මේ ලුම්බිණිය
අශෝක
තැනු සිරි පතුලක සඳහන්ය
මුසල්මානුවන්
නටඹුන් වනසාය
අශෝකස්ථම්භ
මුදුනත් කඩලාය
මැදියම්
රැයේ ලුම්බිණියෙන් අපි ආවා
කපිල
වස්තුවෙදි දහවල් දොළහ වුවා
සැම
දෙනටම දැඩි වෙහෙසක් ඇති වූවා
හෝටලයට
ආ විට සහනය ලැබුවා
අලුයම
පිටත්වී ආවේ ජේතවන
අනේපිඬු
සිටුගෙ පූජාවක් ලෙසින
අද
දැක ගත්තෙ එහි නටඹුන් විතරකින
අටසිල්
සමාදන් වූවා සියළු දෙන
භාරත
රජය දහනවවෙනි සියවසදී
කනින්හැම්
පුරාවිද්‍යා කැණීමෙදී
අගසව්, අඟුල්මල්, රාහුල, කුටි ආදී
සම්බුදු
කුටිය අසලම නටඹුන් පෑදී
අනේපිඬු
සිටුගෙ මහ මාලිගාවද
වසර පුරා මහ දන් පිදු ශාලාද
බුදුහිමි
බොහෝ කල් වැඩ වාසය කෙරුව
සුවිසාලව
දිසේ දෙව්රම නටඹුන්ව
සිවුරු
පිරිකරත් ආනන්ද බෝධියට
සාංඝීක
දන ලංකාරාමයට
අටපිරිකර
සෙසු පිරිකර නිසිලෙසට
පූජා
කලා සිත් සතුටින් පිරෙන්නට
ලංකාරාමයේ
තිබු ප්රදර්ශනාව
ශ්‍රි
සර්වඥ ධාතුන් සියැසින් දුටුව
හිස
මත තබා කරඬුව ආසිරි ලැබුව
පවාරනය
වූවා සිල් අද වරුව
යමාමහා
පෙලහැර පෑ ගන්ධබ්බය
අඟුල්මල්
පිරිත් දෙසු තැන චෛත්‍යය
දැක
ගන්නට ඇත්තේ අද පස් ගොඩය
පිරිකර
ආධාර එය ගොඩනැගුමටය
අලුයම
ගමන් අරඹා සංකස්ස පුර
සැතපුම්
සත්සියක් දුර 'අග්‍රා' නුවර
උත්තර
දේශයේ 'ලක්නව්' අගනුවර
‘භාත්කන්ඩෙ’ සංගීතෙට නම දැරුව
ගීත
ගයා සිඟමන් යදිනා දරුවෝ
‘මන්ගෙෂ්කාර්'
වාගේ
කෝකිලාවෝ
ගයන
වයන සංගීතෙට හිමි නැතුවෝ
දිළිඳු
කමට කුසගින්නට අත පෑවෝ
මව්
දෙව් රජුට තෙමසක් අභිදම් දෙසුව
බුදුහිමි
තව්තිසාවෙන් මෙහි වැඩි තැනය
සියලු
බුදුන් පෙළහර පෑ සංකස්ස
'අවිජහිත' උතුම් පින් බිමකිය පුදමි මම
ගරා වැටුන පස් ගොඩකිය කෝවිලක
අග්‍රා
පුරට එනවිට රෑ අට පමණ
උණුදිය
සීත කාමර පහසුව ලැබුණ
පුදුම
හතෙන් එකක් වුවත් ටජ්මහල
පිටතින්
පමණි දැකගත්තේ නෑ ඇතුල
මුම්ටාස්
බිසව වෙනුවෙන් තැනු ටජ්මහල
විශ්මිත
නිමැවුමකි, කලාපුරයකි පතල
ප්‍රේමයෙන්
අන්ධ සාජහන් රජ එකල
මහළ
තැනු මිනිසගෙ අඳ කළා නෙත
දිල්ලි
බලා ආවා අප උදයේම
කටුගෙයි
නැරඹුවා බොදු අංශයම
කපිලවස්තු
බුදුහිමි ධාතු වැන්දාම
වෙහෙස
නිවී ලැබුවා සිත සැනසීම
සාප්පු
සවාරිය අද සවස් වරුවම
සිංහල
දන්න වෙළඳුන් හරි සැලකීම
සාරි, සපත්තු, කලිසම් රෙදි ගත්තාම
සාරි
වන්දනාවත් හරි හරියටම
දම්පල්
තුමා ඉදිකළ මූලගන්‍ධය
ධර්මපාල
කටුගෙය නැරඹුවාය
ශ්‍රීලංකා
විහාරයෙ බණ ඇසුවාය
හෙළ
බොදු හැඟුම් හද තුළ මතුවුනාය
බරණැස
ඉසිපතනයේ මිගදාය
පස්වග
මහණුන්ට දම්සක් සුත්‍රය
පළමු
දහම දෙසු තැන අති උත්තමය
අපත්
එයම සංගායන කළාය
දාන
වාරයක් පුතුගේ උපන් දින
සිදත්
පුතාගෙත් ඒ දිනයම වන්න
වාර්ෂිකව
දානය දී පින් දෙන්න
හාමුදුරුවෝ
අමතනවා දුරකථන
සියරට
බලා යන දිනයත් උදා වුණි
සියලුම
වඳින තැන් දැක වන්දනා වුනි
අපමණ
කුසල් දම් හදවත්තුළ පිරුණි
මේ
පිනටත් පෙරකළ පින් මට තිබුණි
දඹදිව
වන්දනාවත් හරි උදාරය
ඒ
පින සසර ගමනේදිත් මතුවේය
මවුපිය, සොහොයුරන්, දරුවන් උදෙසාය
අප
දෙදෙනගේ පින් හද තුල උතුරාය
සම්බුදු
රදුන් දහසක් අප දකින්නැතී
ගෞතම
බුදුන් හමුවෙත් පින් පුරන්නැතී
මෙතේ
බුදුන් වෙතටත් තව යන්න ඇතී
මේ සසුනෙදිම
නිවනට යන්නට කැමතී
අම්මා
ගොසින් දඹදිව විස්තර ලිවුවා
මාත්
ඒ මගම අනුගමනය කෙරුවා
කියවන
සැමටමත් මතු මතු පින් පැතුවා
දඹදිව
වඳින්නට සැමටම හැකි වේවා
රැස්කළ
කුසලයෙන් නිවනට යොමු වේවා
මවුපිය, සොයුරි, නෑයන් හට අත් වේවා
දෙව්බඹ
සුරන් හට පින්දෙමි රැක දේවා
ආසිරි
පතමු ලෝ දන හට සෙත් වේවා